Dengue

ඩෙංගුරෝගය

බස්නාහිර පළාතේ දැනට පවතින වසංගත රෝග අතුරින් ප්‍රමුඛස්ථානය ඩෙංගුරෝගයට හිමිවේ. මේවන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන ඩෙංගුරෝගීන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන්නේ  බස්නාහිර පළාතෙනි. 2014 වසරේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය පහත පරිදි වේ.

  කොළඹ ගම්පහ කළුතර බස්නාහිරපලාත ජාතිකමටිටම
2014 11,067 8,777 2,049 21,893 47,502
2015 7245 7,130 3,502 17,875 29,777
2016 13,045 7,683 3,502 24,230 55,150
2017 28547 31647 10961 71132 186101
2018සැප්තැම්බර් මාසය දක්වා 6717 4278 2439 14296 39791

2017 වර්ෂයේ ඩෙංගු වසංගත තත්ත්වයක් රට පුරා පැවති අතර ලංකාවෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. එම වසරේ මරණ 210ක් වාර්තා විය. මෙම තත්ත්වය පාලනය සඳහා අඛණ්ඩව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාකාරකම් සිදු කරන ලදී. හදිසි ඩෙංගු ආපදා තත්ත්වය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, තලංගම හා වෑතර යන ප්‍රාදේශීය රෝහල්වල ද ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ හා මීරිගම ප්‍රාදේශීය රෝහල්වල ද කළුතර දිස්ත්‍රික්කයේ හොරණ හා පානදුර මූලික රොහල්වලද හදිසි ඩෙංගු ප්‍රතිකාර ඒකක පිහිටුවන ලදී. මේ සඳහා අවශ්‍ය ඇතැම් වෛද්‍ය උපකරණ රේඛීය සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් ලබා දී ඇති අතර අන්තර් රෝහල් සම්බන්ධතාවයන් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුණි. එසේම රසායනාගාර පරීක්ෂාවන් පෞද්ගලික රසායනාගාර වෙතින් සිදුකර ගැනීමට අවසර ලබා දුනි.ඩෙංගු මර්ධන කටයුතු සඳහා 2017  වර්ෂයේදී  රු4,001,500.00 ක මුදලක් වැය කරන ලදී.

නිරිත දිග මෝසම් වැසි සමඟ ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා හඳුනාගත් දිස්ත්‍රික්කවල(කොළඹ, ගම්පහ, කළුතර) අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුල එම තත්වයන් අවම කරගැනීමේ අරමුණින්  විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි. මෙහිදී  අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ,ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ආගමික ස්ථාන, පාසල් සහ රජයේ ආයතන කර්මාන්තශාලා,නිවෙස් පරීක්ෂා කරන ලදී. මේ සඳහා රෝග මර්දන සහායකයින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කර රෝග බෝ වීම වැළැක්වීම පිළිබඳ උපදෙස් දෙන ලදී.

එසේම මේ වන විට බුද්ධශාසන අමාත්‍යාංශය සමඟ සාකච්ජා කොට පන්සල් හා දහම් පාසල් තුළ ඩෙංගු බෝවන ස්ථාන පරික්ෂාකරඑම තත්ත්ව වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් සකස්කර ඇති අතර ග්‍රාම සංවර්ධන සමිති හරහා ග්‍රාමීය මට්ටමින්ද රාජ්‍ය ආයතන තුළද මේ පිළිබඳව විශේෂ වැඩපිළිවෙලවල් සකස් කර ඇත. එමෙන්මඩෙංගු බහුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල  කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරුණි. ( උදාහණ: ලට්ට ලොට්ට වැඩසටහන කොලොන්නාව, දෙහිවල, මොරටුව, බොරලැස්ගමුව, පිළියන්දල  සහ  මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ)මීට අමතරව ජාතික ඩෙංගු මර්ධන ඒකකය මඟින් බස්නාහිර පළාත සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති අතර එම සැලැස්මට අනුව කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් සිදුවේ. 2018 වර්ෂයේ මේ සඳහා රු.  5,304,500.00 ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *